නියෝජ්‍ය පෙලිස්පති බිරිදක ඇතුළු පිරිසක් නිධන් ලබා ගැනීමේ අරමුණින් කැනීම් කර ඇති අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ ඉඩම පුරාවිද්‍යා භූමියක්ද යන්න පරික්ෂා කර අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ නියෝග කළා.
ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින්.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝගය කළේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක බව කියන වේයන්ගොඩ මල්වාන ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙක් මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්තිපතිවරයෙකු බව කියන පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කර ඇද්ද, යන්න අනාවරණ කර ගැනීමට සියලු සැකකරුවන්ගේ දුරකථන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලීසියට ලබා දෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණා.
අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයසූරිය මහතා මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයනේ සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කර ඇති බව සඳහන්.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.










