ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා .අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.
මියයන විට ඒ මහතා 56 වන වියේ පසු වූ අතර, ඔහු දෙදරු පියෙක්.
නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා, වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් දක්ෂ කලාකරුවෙක් වෙනවා.










