හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ශාන්ත මුදුන්කොටුවට පසුගිය 12 වෙනිදා මීගොඩ ආටිගල මාර්ගයේදී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු හඳුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ දකුණු පළාත තුළ සිදුකළ මෙහෙයුමකිනුයි.
එම වෙඩික්කරු ඩුබායි හී රැදී සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් බව කියන ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත්ගේ කොන්ත්‍රාත් වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කරන අයෙක් බවයි ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ.
යුද හමුදාවේ ද සේවයේ නිරතව සිට ඇති මෙම වෙඩික්කරු ලලිත් කන්නන්ගර විසින් ලබාදුන් කොන්ත්‍රාත් අනුව හෝමාගම හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව වෙඩි තැබීම් රැසක් සිදුකර ඇති බව ද ප්‍රශ්න කිරීම්වලින් දැනට හෙළි වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ කොස්ගම හා හෝමාගම සිදුවූ වෙඩි තැබීම් දෙකක තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බවයි.










