උණුසුම් පුවත්දේශීය

බස්නාහිර රෝහල් 31ක් අද සිට වර්ජනයේ..

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝතික ක්‍රියාකලාපයන්ට එරෙහිව එම පළාත් සභාවට අයත් සියලුම රෝහල්වල අද (21) සිට අඛණ්ඩ වැඩවර්ජනය නිරත වීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 8 සිටයි එම වැඩවර්ජනය ආරම්භ වූයේ.

අදාළ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පල කරමින් ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

ධර්මවික්‍රම මහතා කියා සිටියේ සිය ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

වැඩවර්ජනය හේතුවෙන් සියලු විකිරණ පරීක්ෂණ, සීටී පරීක්ෂණ, රසායනාගාර පරීක්ෂණ සේවා, ඖෂධ නිකුත් කිරීම හා ඖෂධ බෙදා හැරීම ඇතුළු සේවාවලට බලපෑම් එල්ල විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Shares: