කොළඹ සහ ඒ අවට පැරණි මහල් නිවාස අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන,ඉදිකිරීම්, නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරනවා.
මේ වන විටත් එම යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කරුණාතිලක මහතා පවසන්නේ විශේෂයෙන්ම පැරණි මහල් නිවාස සංකීර්ණවල මළ පවාහන පද්ධති අක්‍රිය වී ඇති බවත්, ඊට අමතරව තවත් අලුත්වැඩියා කටයුතු රැසක් සිදු කිරීමට සිදුව ඇති බවයි .
මේ වනවිට එය ආරම්භ වී ඇති බව කී අමාත්‍යවරයා මේ වසර අවසන් වීමට පෙර මෙම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට හැකියාව තිබෙන බව ද පෙන්වා දුන්නා.
නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් පවත්වාගෙන යනු ලබන මෙම මහල් නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.










