උණුසුම් පුවත්

ආපදාවෙන් හානියට පත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ වැඩසටහන අද ඇරඹේ

දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ සහ මාතලේ යන නගරවල පිහිටි විහාරස්ථාන දෙකක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාතික වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දනා මාන සහ ආගමික කටයුතු සඳහා ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන” බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙනුයි සිදුකරනු ලබන්නේ.

ආපදා තත්ත්වය හමුවේ ආගමික සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

එම ස්ථානවල සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත්කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ස්ථානවල පෞරාණික අගය ආරක්ෂා වන අයුරින් මහා සංඝරත්නයේ සහ සෙසු ආගමික නායකයින්ගේ මඟපෙන්වීම යටතේ සියලු පාර්ශ්වවල දායකත්වය ලබා ගමිනින් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Shares: