ක්‍රීඩා

සිම්බාබ්වේ සංචාරයේ ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලියට ක්‍රීඩාකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (21) ප්‍රකාශයට පත් කළා.

ඊට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසිනුයි මොවුන් නම් කර ඇත්තේ.

දෙරට අතර තරග 2 යුත් එක්දින හා තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියක් පැවැත්වෙන අතර, ඉන් පළමුව පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 29වනදා ආරම්භ වනවා.

ඉතිරි තරග 31වනදා පැවැත්වෙන අතර, සියලුම තරග හරාරේහිදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙන අතර, එම තරගද හරාරේ හිදීයි පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය පහතින්,

1) චරිත් අසලංක (නායක)
2) පැතුම් නිස්සංක
3) නිශාන් මධුෂ්ක
4) කුසල් මෙන්ඩිස්
5) සධීර සමරවික්‍රම
6) නුවනිදු ප්‍රනාන්දු
7) කමිඳු මෙන්ඩිස්
8) ජනිත් ලියනගේ
9) පවන් රත්නායක
10) දුනිත් වෙල්ලාලගේ
11) මිලාන් රත්නායක
12) මහීෂ් තීක්ෂණ
13) ජෙෆ්රි වැන්ඩර්සේ
14) අසිත ප්‍රනාන්දු
15) දුෂ්මන්ත චමීර
16) ඩිල්ෂාන් මධුශංක

Shares: