ව්‍යාපාරිකවිදෙස්

බැටරි බලයෙන් දුවන දුම්රිය දුර වාර්තාව බිඳ දමයි

බැටරි බලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක් තනි ආරෝපණයකින් වැඩිම දුරක් ධාවනය කිරීමේ ලෝක වාර්තාව බිඳ දමා තිබෙනවා.

මෙම දුම්රිය සැතපුම් 200 (කිලෝමීටර් 322) මාර්ගයක් ඔස්සේ එක රැයකින් ගමන් කළ අතර නැවත ලන්ඩන් පැඩින්ටන් සහ ඔක්ස්ෆර්ඩ් හරහා ආපසු ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

දුම්රිය කිලෝමීටර් 225ක (සැතපුම් 140) දුරක් ගොස් තිබෙනවා.

සැතපුම් කිලෝමීටර් 224 (සැතපුම් 139) ක පෙර වාර්තාව 2021 දෙසැම්බර් 10 වන දින බර්ලිනයේ ජර්මානු දුම්රිය සමාගමක් වන ස්ටැඩ්ලර් ඩොයිෂ්ලන්ඩ් විසින් පිහිටුවන ලද්දක්.

කෙසේ නමුත්, නව වාර්තාවේ දුම්රිය සතුව බැටරි 6ක් ඇති නමුත් විදුලිය වැයවී තිබුනේ බැටරි 05ක පමණ බවයි දුම්රිය සමාගම පවසන්නේ.

Great Western Railway ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ගමනාන්තයට එනවිට 22%ක බැටරි ආරෝපණයක් ඉතිරි වී තිබුණු බවත්, එම ඉතිරි විදුලියෙන් තවත් කිලෝමීටර් 93ක් (සැතපුම් 58) ගමන් කළ හැකි බවයි.

එමෙන්ම දුම්රිය බැටරියේ කාලය ඉදිරි වසර 7 සිට 10 දක්වා කාලය තුළ අවසන් වන බැවින් බැටරි දුම්රියවලට එහි ඩීසල් පද්ධතිය යළි ස්ථාපනය කළ හැකිදැයි සොයා බලමින් සිටින බවයි එරට වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

Shares: