උණුසුම් පුවත්දේශීය

රනිල්ගේ නඩුව කැඳවයි – නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට කැඳවා තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේයි නඩුව කැඳවා ඇත්තේ.

නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

නඩුකරය කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියා.

සැකකාර වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියේ තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක්.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබෙනවා.

මේ අතර ආරාධනා පත්‍රයේ නිත්‍යානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ.

Shares: