සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි, බාහිර තර්ජන හෝ මැදිහත්වීම්වලින් අධිකරණය ආරක්ෂා කර සුරැකිය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එවැනි ක්‍රියාවන් මගින් නීතියේ ආධිපත්‍යය අඩපණ කරන අතර, නීතියේ නිසි ක්‍රියාවලියට තර්ජනයක් වෙමින් යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසයට බලපෑම් කිරීමේ විභවයක් එහි තිබෙන බවයි නිවේදනයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ.
එවැනි ක්‍රියාවන්හි වැරදිකරුවන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කළ හැකි බවත් මේ සම්බන්ධයෙන්, අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධ දණ්ඩනීය විධිවිධාන අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(ඇ)(1) සහ (2) යන අනුව්‍යවස්ථා කෙරෙහි අවධානය යොමු කරන බවද එමගින් දැනුම් දී තිබෙනවා.
ඒ හා සමගම, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් විසින් නීතියේ ආධිපත්‍යය, නිසි ක්‍රියාවලිය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස සෑම විටම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරන බවයි දැනුම් දී ඇත්තේ.
ස්වාධීන ආයතන වන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කරුණු පිළිබඳව පසුගිය සතිය තුළ සමාජ මාධ්‍ය සහ අනෙකුත් වේදිකාවල දක්නට ලැබෙන අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කරුණු දක්වමින් එම සංගමය මෙම නිවේදනයක් නිකුත් කරනු ලබනවා.
එහි සඳහන් වන්නේ, අධිකරණ සේවා කොමිෂන් සභාව යනු අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් වන අතර, මහාධිකරණ විනිසුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙන්ම අධිකරණ නිලධාරීන් සහ අදාළ උපලේඛනගත රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව වගකීම දරන බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටන බවයි.










