විදෙස්

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට දූවිලි කුණාටුවක්

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට විශාල දූවිලි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම දූවිලි වලාව අඩි 10,000ක් දක්වා ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට මාධ්‍ය පවසන්නේ හබූබ් ලෙස හඳුන්වන මෙම දූවිලි කුණාටුවේ බලපෑමෙන් ෆීනික්ස් ඇතුළු මැරිකෝපා ප්‍රාන්තයේ 15,000කට ආසන්න පිරිසකට විදුලිබලය ඇණහිට ඇති බවයි.

එමඟින් අනතුරුදායක රිය පැදවීමේ තත්වයන් ඇති වී ඇති අතර, කුණාටුවෙන් පසු පසු තද වැසි සහ සුළඟක් ඇති වී තිබෙනවා.

හබූබ් ප්‍රහාරය නිසා ෆීනික්ස් ස්කයි හාබර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් ද අඩපණ වීමෙන්, ගුවන් ගමන් ප්‍රමාද වූ අතර පර්යන්ත වහලයකට ද හානි සිදුව ඇති බව සඳහන්.

ෆීනික්ස් සිට ගිනිකොන දෙසින් සැතපුම් 60 ක් (කිලෝමීටර් 95) පමණ දුරින් පිහිටි ඇරිසෝනා නගරයට ද දූවිලි වලින් සෑදුණු උස් බිත්තියක් අත්විඳීමට සිදුවිය.

Shares: