ව්‍යාපාරික

අගොස්තු මාසයේ මේ දක්වා සංචාරක පැමිණීම් 1,660,00 ඉක්මවයි

මෙම වසරේ අගොස්තු මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැටහය දහසේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.

ඒ අනුව, මෙම මාසයේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 166,766ක්.

ඉන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එම සංඛ්‍යාව 38,456 ක්.

ඊට අමතරව මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය, ජර්මනිය සහ චීනය යන රටවලිනුයි වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත්තේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 15,305,054 ක්.

Shares: