දේශීය

ආයෝජන සඳහා රජයේ ඉඩම් හඳුනාගැනීමේ සමීක්ෂණයක්

ආයෝජන සඳහා රජයේ ඉඩම් හඳුනාගැනීමේ සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටිමින් එම සමික්ෂණය ක්‍රියාත්මක බවයි ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීආරච්චි මහතා සඳහන් කළේ.

ඔහු ප්‍රකාශ කළේ එම ඉඩම් ආයෝජකයින්ගේ අවශ්‍යතා මත මුදා හැරීම සඳහා කටයුතු කරන බවයි.

මේ අතර මහවැලි කලාපවල ඉඩම් හෙක්ටෙයාර් 5300 ක් ආයෝජන සඳහා වෙන් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ හේරත් මහතා පැවසුවා.

Shares: