වැඩ වර්ජනයක් පැවතියද බස් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ශ්‍රි ලංකා ගමනාමන මණ්ඩලය පවසනවා.
දෛනිකව බස් රථ 4600ක් පමණ ධාවනය වන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ.
ඊයේ (28) දිනයේ ඉන් බස් රථ 4500 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වූ බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර ලංගම වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.
ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් එම වැඩ වර්ජනය ආරම්භ කළ බවයි ජාතික සේවක සංගමයේ ලංගම සම ලේකම් රංජිත් සොයිසා මහතා සඳහන් කළේ.
මේ අතර, ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු ප්‍රාදේශිකය හැර අනෙකුත් සියලුම ප්‍රාදේශිකයන්වල ලංගම බස් රථ ධාවනය ඊයේ සාමාන්‍ය පරිදි සිදුවූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ හඳුන්වා දුන් ඒකාබද්ධ කාලසටහන දිගටම ක්‍රියාත්මක කරන බවයි.











