උණුසුම් පුවත්

අතුරලියේ රතන හිමි ලබන 12 දක්වා රිමාන්ඩ්

වරෙන්තු ලැබ සිට අද පෙරවරුවේ අධිකරණයට භාරවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

රතන හිමියන්ට වරෙන්තු නිකුත් වී තිබුණේ 2020 මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලබා ගැනීම සඳහා, තමා පැහැරගෙන ගොස් ලිපි ලේඛන කිහිපයකට බලහත්කාරයෙන් අත්සන් ගත් බවට පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි

Shares: