නායයෑම් හා නාය අවදානම් ස්ථාන 2377ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඉන් ස්ථාන 529ක් සම්බන්ධයෙන් අවසන් වාර්තා නිකුත් කර ඇති බවයි එහි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ.
ඒ සඳහා දිස්ත්‍රික්ක 7කට යොදවා ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 56ක්.
පසුගියදා ඇද හැලුණු දැඩි වැසි හේතුවෙන් ස්ථාන 1322ක නායයෑම් හා පස් කඳු කඩාවැටීම් ඇතුළු සිදුවීම් වාර්තා වී ඇති බව ද වසන්ත සේනාධිර මහතා සඳහන් කළා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ නායගිය ස්ථාන චන්ද්‍රිකා ඡායාරූප මගින් හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට ක්‍රියාත්මක බවයි.











