උණුසුම් පුවත්

ඉන්දුනීසියාවෙන් ගෙනා අපරාධකරුවන් පස්දෙනාම තුන්පොළක රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවටට ගෙන මෙරටට රැගෙන ආ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

උඩුගම්පල කෙහෙල්බද්දර පදිංචි කේ.ජි. මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මේ (37) හා පානදුර පින්වල සූසාන භූමිය පාර පදිංචි , පි නිලංග සම්පත් සිල්වා (36) යන සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (3) හී රඳවාගෙන ,පි. ශලින්ත මධුශාන් පෙරේරා නොහොත් කොමන්ඩෝ ශලින්ත (38) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) හි රඳවාගෙනත් , මිද්දෙනිය කුඩගල්ආර පදිංචි ලහිරු මධුසංක නොහොත් තැඹිලි ලහිරු (36) නැමැත්තා හා මිද්දෙනිය උලහිටිය පදංගල ගෙදර පදිංචි එන්. එන්. ප්‍රසංග නොහොත් බැකෝ සමන්ත (35) යන දෙදෙනාම බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය භාරයට ගෙන මේ වන විට කොළඹ වරාය පොලිසියේ රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියකු කියාසිටියා.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා නීති විරෝධී ගිනි අවි භාවිතා කරමින් පුද්ගල ඝාතන සිදුකිරීම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ සිදුකිරීම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අනුබල ලබාදීම පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කිරීම 2025 වසරේ පෙබරවාරි මස 19 වෙනිදින කොළඹ අලුත් කඩේ. අංක 5 අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු නොගනීමල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කර එම අවස්ථාවේදී මූලාසනයේ සිටි විනිශ්චකාර තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ භීතියට පත් කිරීමේ අපරාධය සැලසුම් කිරීම සැකකරුට එල්ල වී ඇති චෝදනා බව පොලිසිය සඳහන් කරනවා.

ශලින්ත මධුශාන් පෙරේරා නොහොත් කොමන්ඩෝ ශලින්ත නමැත්තා දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය කාල වකවානුව තුළ සිදුවූ බිහිසුන් මනුෂ්‍ය ඝාතන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කොල්ලකෑම් කප්පන් ලබා ගැනීම පැහැර ගැනීම සැකකරුට එල්ල වී ඇති වෝදනායි.

නිලංග සම්පත් සිල්වා නමැත්තා අධිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය කාල වකවානු තුළ සිදුවූ බිහිසුණු මනුෂ්‍ය ඝාතන මහා පරිමාණ මධ්‍ය ජාවාරම් ස්වංක්‍රීය ගිනි අවිභාවිතා කරමින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීම කොල්ලකෑම්, කප්පම් ලබා ගැනීම් පැහැරගැනීම්, මුදල් විශුද්ධිකරණ වැඩක් වීමේ පනත යටතේ ගැනෙන වැරදි සැකකරුට එල්ල වී ඇති චෝදනා වනවා.

මෙම සැකකරුවන් තිදෙනාට ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් රඳවා තබාගෙන විමර්ශන සිදු කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.

Shares: