මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව Google Map A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ප්‍රධාන මාර්ගවල කිලෝමීටර් 12,000ක් පුරා ගූගල් සිතියම් තත්කාලීන තොරතුරු යාවත්කාලීන කිරීම ආරම්භ කර ඇති බවයි ඔහු සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.
මෙම මුලපිරීම මගින් සංචාරකයින්ට ඔවුන්ගේ ගමන් වඩාත් කාර්යක්ෂමව සැලසුම් කිරීමට උපකාර කිරීම සඳහා මංතීරු වැසීම සහ ඉදිකිරීම් නිවේදන ඇතුළු තත්ත්ව අනතුරු ඇඟවීම් වර්ග හයක් හඳුන්වා දී තිබෙනවා.
එමෙන්ම අමාත්‍යවරයාගේ X ගිණුමේ තබා ඇති සටහනට අනුව, නව විශේෂාංගය ගමන් ප්‍රමාදයන් අඩු කිරීමට, මාර්ග සැලසුම් වැඩිදියුණු කිරීමට සහ මාර්ග භාවිතා කරන්නන් සඳහා අනපේක්ෂිත තදබදය අවම කිරීමට අපේක්ෂා කරයි.
නවතම යාවත්කාලීන කිරීම් සඳහා ඔවුන්ගේ ගූගල් සිතියම් යෙදුම පරීක්ෂා කර බලා ගමන් කරන අතරතුර වැඩිදියුණු කළ දත්ත භාවිතා කරන ලෙස ඔහු මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා.
එසේම මෙම ව්‍යාපෘතිය දෙසැම්බර් 31 වන දින දක්වා නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.










