දේශීය

” සංසරණය වෙන මගේ ඡායාරූපය ව්‍යාජ එකක්..” මහජන ආරක්ෂක ඇමති

 

සමාජමාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ යැයි හැගෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ඡායාරූප හා ප්‍රවෘත්ති තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒවා සකස් කොට පළ කළ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ඡායාරූප හා ප්‍රවෘත්ති අසත්‍ය බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පත්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමෙන් අනතුරුව මෙම අසත්‍ය ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්ති පළකර තිබෙන බවයි සඳහන්.

විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබෙනවා.

එබැවින් නිවැරදි තොරතුරු පමණක් සමාජමාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමට කටයුතු කරන්නැයිද සියලූම මාධ්‍ය ආයතනවලින් මෙන්ම සමාජමාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින බවයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය අංශය ඉල්ලා සිටින්නේ.

Shares: