දේශීය

හිටපු ජනපති ලේකම්ට යළි CIDයෙන් කැඳවීමක්..

 

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

හෙට (01) පෙරවරු 9ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සමන් ඒකනායක හට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

Shares: