දේශීය

අධිවේගයේ බස් රථවල මගීන්ට බඳ පටි පැළඳීම අද සිට අනිවාර්යය වෙයි

අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබෙනවා.

අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සදහන් කළේ.

කෙසේ වෙතත් කුලරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබාදෙන බවයි.

Shares: