හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද (01) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මින් පෙර දැනුම්දී තිබුණත් අද පෙනී සිටීම අවශ්‍ය නොවන බව දැනුම් දී ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශය පවසනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතරතුර ලන්ඩන් හි විශ්වවිද්‍යාලයක පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම තුළින් රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට වූ විමර්ශනයට අදාළවයි ඔහු අද දිනයේ කැඳවා තිබුණේ.
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඇප මත මුදා හැරුණා.
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් පසුගිය 5 වැනිදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබුණා.










