ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දෙවැනි දිනටත් උතුරේ සංචාරයේ නිරත වනවා.
අදත් නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවනු ඇති.
ජනාධිපතිවරයා අද උදෑසන මුලතිව් ප්‍රදේශයට පැමිණීමටයි නියමිතව ඇත්තේ.
එහිදී ජනාධිපතිවරාය ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කර කප්තුරු සවිය ජාතික වැඩසටහනට එක්වනු ඇති.
ඒ යටතේ යාපනය , මුලතිව් , මන්නාරම උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරිමට නියමිත වනවා.
ඊට අදාළ උතුරේ පළමු බීජ ගොවිපල පලෙයි නගරයේ ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර, 2027 වර්ෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා වැඩි කිරීම අපේක්ෂාවයි.
අනතුරුව ජනාධිපතිවරයා මුලතිව්, වට්ටුවාකල් පාලමේ ඉදිකිරී ආරම්භ කිරීමේ අවස්ථාවට ද එක්වනවා.










