විදෙස්

‘චීනෙට වෙලා අමෙරිකාවට කුමන්ත්‍රණය කරනවා’ – ට්‍රම්ප්ගෙන් චෝදනා

අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත චීනයේ දී සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිං වෙත විවේචනයක් එල්ල කර තිබෙනවා.

චීනයේ පැවත්වෙන විජයග්‍රහණයේ සැමරුම වෙනුවෙන් වන හමුදා පෙළපාලියට සහභාගි වීමට මේ වනවිට පුටින්, කිම් පැමිණ සිටිනවා.

සිය සමාජ ජාලයෙන් ඔහු සටහනක් තබමින් මේ බව පැවසුවා.

“පිළිතුරු දිය යුතු ලොකුම ප්‍රශ්නය නම්, ඉතා මිත්‍රශීලී නොවන විදේශීය ආක්‍රමණිකයෙකුගෙන් තම නිදහස ලබා ගැනීමට ඇමරිකාව චීනයට ලබා දුන් දැවැන්ත සහයෝගය සහ ‘රුධිරය’ ගැන චීන ජනාධිපති ෂී සඳහන් කරයිද නැද්ද යන්නයි. චීනයේ ජයග්‍රහණයේ මහිමය වෙනුවෙන් බොහෝ ඇමරිකානුවන් මිය ගියා. ඔවුන්ගේ නිර්භීතකම සහ පරිත්‍යාගය වෙනුවෙන් ඔවුන්ට නිසි ගෞරවය සහ අනුස්මරණය ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා! ජනාධිපති ෂී සහ චීනයේ අපූරු ජනතාවට ශ්‍රේෂ්ඨ හා කල් පවතින සැමරුම් දිනයක් වේවා. ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ඔබලා කරන කුමන්ත්‍රණයට කරන ව්ලැඩිමීර් පුටින් සහ කිම් ජොන් උන් වෙත කරුණාකර මගේ උණුසුම් සුභ පැතුම් එක් කරන්න.

ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්”

Shares: