හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 755ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, වලස්මුල්ල පොලිස් වසමේ දී කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරකන්ද ගොඩවැව අසලදී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරවෙක්.
වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.










