දේශීය

හල්ලොලුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළා.

ඒ අනුව සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Shares: