ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා..
68 හැවිරිදි ඉෂිබා අද (07) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී සිය ඉල්ලා අස්වීම තහවුරු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එහිදී අගමැතිවරයා , මැතිවරණ පරාජයන් මාලාවකට තමා වගකීම භාර ගන්නා බවට ප්‍රකාශයක් ද කර ඇති බවට සඳහන් වනවා.










