අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිතව ධාවනය වන වාහනවලට එරෙහිව රජය අද (08) සිට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර තිබෙනවා.
ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම ඒ බව සඳහන් කර තිබුණා.
ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරිම, නිවි නිවි දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය, වාහනවල නලා භාවිතය, මෝටර් වාහන වල ඉදිරි් පිටුපස සහ බඳෙහි පැතිවල චිත්‍ර මොස්තර සහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම, නීති විරෝධි සවිකිරීමි නිර්මාණ වෙනස් කිරිම යන කරුණු කාරණා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද එහි සඳහන් වී තිබෙනවා.
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව අසල බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදු වූ මාරක අනතුරකින් පසු මෙම පියවර ගෙන තිබෙනවා.











