මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
ඒ, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුවයි.
අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කදාන ප්‍රදේශයේ ඉඩමක තිබී සොයා ගැනීමට හැකි වූ බවයි පොලීසිය පැවසුවේ.
එම නිවසෙහි හිමිකාරිණිය විදෙස්ගතව සිටින අතර මේ වන විට ඊට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.
අද පස්වරුවේ එම රසායනික ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.










