දුම්රියක් පීලි පැනීම නිසා බාධා එල්ල වූ කැළණිවැලි මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.
ඊයේ රාත්රියේ පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර සිදු වූ මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සීමා කර තිබුණේ කොස්ගම දක්වා පමණයි.
මෙම පීලි පැනීම හේතුවෙන් අද අළුයම අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා සහ වග සිට කොළඹ කොටුවට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් අවලංගු කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
ඊයේ පස්වරුවේ කැළණිවැලි මාර්ගයේ කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර නවතා තිබූ තැඹිලි පැටවූ කුඩා ලොරි රථයක ගැටී තිබුණේ පීලි පැනීමකට ලක්වීමෙනුයි.
ඉන් ලොරි රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.











