තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා.
එවන් පසුබිමක් තුළ මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.
මේ අතර වර්ජකයන් පවසන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව වර්ජනය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා සහභාගි වීම ප්‍රතික්ෂේප කරන බවයි.
කෙසේ වෙතත් ඇඟිලි සලකුණු අනිවාර්ය කිරීම සහ අතිකාල පිළිබඳ තීන්දුව කිසිසේත් හකුලා ගැනීමට රජය කටයුතු නොකරන බවයි ජනමාධ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී යළි අවධාරණය කළේ.
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තවදුරටත් ක්‍රියාත්මකයි.
වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම තැපෑල මගින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්වුණා.









