දේශීය

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් 04ක් ජීවිතක්ෂයට..

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

බලංගොඩ – රත්නපුර මාර්ගයේ ඇල්ලේපොල ප්‍රදේශයේ දී කාන්තාවක් මිය ගොස් ඇති අතර ඒ යතුරුපැදියක් මගී බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින්.

මෙලෙස මිය ගොස් ඇත්තේ යතුරුපැදිය පැදවු 34 හැවිරිදි කාන්තාවක්.

එමෙන්ම පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ තංගවේලායුදපුරම් ප්‍රදේශයේදී ද යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලැබු එක් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි තිරුක්කෝවිල් 04 ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර කොහුවල, සරණංකර මාර්ගයේ කළුබෝවිල ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් ඇති අතර එම අනතුර සිදුකළ සැකකරු මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

එසේම රත්නපුර – කොළඹ මාර්ගයේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Shares: