2025 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙසින් ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවති තරගය කඩුළු 06කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 140ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 14.4ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 140ක් ලබා ගනිමින්.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 50ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 03ක්ද, කුසල් පෙරේරා ලකුණු 09ක්ද, කමිල් මිෂාර නොදැවී ලකුණු 46*ක්ද, චරිත් අසලංක නොදැවී ලකුණු 10ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී Mahedi Hasan කඩුළු 02ක්ද, Mustafizur Rahman සහTanzim Hasan Sakib එක් කඩුල්ල බැගින්ද දවා ගත්තා.
අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළ අතර, එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී යාමෙන් බංග්ලාදේශය ලකුණු 139ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ නායක Litton Das ලකුණු 28ක්ද, Towhid Hridoy ලකුණු 08ක්ද, Mahedi Hasan ලකුණු 09ක්ද, Jaker Ali නොදැවී ලකුණු 41*ක්ද, Shamim Hossain නොදැවී ලකුණු 42*ක්ද රැස් කළා.
මුල්පෙල පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Tanzid Hasan සහ Parvez Hossain Emon හට කිසිඳු ලකුණක් රැස් කරගැනීමට හැකිවුණේ නැහැ.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු 02ක්ද, දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.











