මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමා ගොස් ඇතැයි සැකකෙරෙන පුද්ගලයින් 06දෙනෙකු තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 13 වනදා සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.
නාවික හමුදා පැවසුවේ මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙම පිරිස නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවයි.
ඔවුන් අවුරුදු 08ත් 56ත් අතර වයසේ පසුවන වව්නියාව, මඩු සහ කොක්කඩිචෝලේ යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් බවට අනාවරණය වී තිබෙනවා.
මෙම පිරිස නාවික හමුදා භාරයට ගන්නා අවස්ථාවේදී විජලනයට පත්ව, දැඩි සෞඛ්‍ය අපහසුතාවයට ලක්ව පීඩාවට පත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.











