දේශීය

බසයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටෙයි – 15කට තුවාලයි

හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවෙල ප්‍රදේශයේ දී අද (16) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ බස් රථය පෞද්ගලික ආයතනයක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවටයි අනාවරණය වී ඇත්තේ.

තුවාලකරුවන් ඉඩංගොඩ සහ රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කිරිඇල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: