විදෙස්

නේපාලයේ පැවැති ගැටුම් හේතුවෙන් සංචාරක පැමිණීමට දැඩි බලපෑම්

නේපාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සංචාරක අංශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ නේපාලයේ සංචාරක පැමිණීම 30%කින් පහත වැටී ඇති බවයි.

එරටේ උච්චතම සංචාරක සමය වන මෙම කාලය තුළ පසුගිය වසරට වඩා සංචාරක පැමිණීම් 30% කින් පහත වැටී ඇති බවත්, ඇතැම් සංචාරක වෙන්කර ගැනීම් අවලංගු කර ඇති බවයි එරට සංචාරක අධිකාරිය, හෝටල් හිමියන් සහ සංචාරක සංවිධායකයින් පවසා ඇත්තේ.

කත්මණ්ඩු නුවර කාර්යබහුල සංචාරක මධ්‍යස්ථානයක් වන තමෙල් වැනි ස්ථාන, සාප්පු, පබ් සහ අවන්හල් පාළුවට ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

එමෙන්ම දශක ගණනාවකට පසු එරට ඇති වූ දරුණුතම විරෝධතා හේතුවෙන් ලොව පුරා සිටින කඳු නගින්නන් නේපාලයේ ලෝක ප්‍රසිද්ධ මංපෙත් අත්විඳීමට සූදානම් වෙමින් සිට එම පැමිණීම් අවලංගු කිරීමෙන් එම ව්‍යාපාරවලට ද පහරක් එල්ල වී ඇති බවයි පවසන්නේ.

කෙසේනමුත් නේපාලයේ පැවැති මෙම විරෝධතා හේතුවෙන් ජීවිත 72ක් අහිමි ව ඇති අතර මාධ්‍ය වාර්තා දක්වන්නේ ඊට විරෝධතාකරුවන් 59ක්, රැඳවියන් 10ක් හා පොලිස් නිලධාරීන් 3ක් ඇතුළත් බවයි.

සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවයි නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස පසුගියදා විරෝධතා ආරම්භ වූයේ.

මෙම විරෝධතා හේතුවෙන් හිටපු අගමැති කේ.පී. ෂර්මා ඔලිට ද ඉල්ලා අස්වීමට සිදුවුණා.

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මෙලෙස වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන් බව සඳහන්

Shares: