ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (15) රාත්‍රී 10.45ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

තරග සංචාරයක් සඳහායි ඔවුන් එසේ පැමිණ ඇත්තේ.

පැමිණි පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔවුන් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග 05ක් සඳහා සහභාගී වීමට නියමිතයි.

එම තරග එළඹෙන 20, 21, 24, 26 සහ 28 දින වල පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඊට අමතරව එක් දින සීමිත ඕවර් 50 තරගයක් ද, 30 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Shares: