සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති, එසේම ඔවුන්ගෙන් මාස්පතා මුදල් ලබාගත් හිටපු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ඒ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.
එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.











