කාළගුණය

මධ්‍යම කඳුකරයට ඝණ මීදුම් තත්ත්වයක් – වාහන ධාවනයට බාධා

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) රාත්‍රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවයි වාර්තා වන්නේ.

හැටන් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගවල රථවාහාන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි.

Shares: