උණුසුම් පුවත්

හල්ලොලුව ඇප මත නිදහස්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තුසිත හල්ලොලුව මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරුව රු. ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියම කළේ.

ඉන් අනතුරුව සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියම වුණා.

හල්ලොලුව මහතා තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ.

ඒ මහතාව පසුගිය අගෝස්තු මස 19 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

Shares: