ළමයින් සඳහා ආරක්ෂිතව සාක්ෂි ලබා දීමට ස්ථාපිත කෙරුණු සාක්ෂි කාමර මහනුවර මහාධිකරණයේදී විවෘත කෙරුණා.
මේ සදහා යුරෝපා සංගමය සහ යුනිසේෆ් ආයතනය පහසුකම් ලබා දී ඇති බවයි අධිකරණය අමාත්‍යාංශය සඳහන් කළේ.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ ළමයින්ට මේ සදහා සාක්ෂි ලබාදිය හැකියි.
සියලු ඩිජිටල් පහසුකම්වලින් සමන්විත මෙම සාක්ෂි කාමරය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින විවෘත කෙරුණා.
ඒ අනුව එම අමාත්‍යාංශය සදහන් කළේ ඉදිරියේදී දිවයිනේ අධිකරණ කිහිපයකම ළමා සාක්ෂි කාමර ස්ථාපිත කිරීමට නියමිත බවයි.











