උණුසුම් පුවත්දේශීය

එජාපයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් අස්ගිරි මහානාහිමි බැහැදකී

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් අද (26) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය විසින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය සහ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳවයි මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර ඇත්තේ.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවතින සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ද උන්වහන්සේගේ ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

Shares: