විදෙස්

ලිංගික අතවර චෝදනා එල්ල වූ පුද්ගලයෙක් සිඩ්නිහි දී අත්අඩංගුවට

සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ සිදු වූ බවට චෝදනා එල්ල වන ලිංගික අතවර කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලින් පසු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

31 හැවිරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් එල්ල වන ලිංගික අතවර කිහිපයක් පිළිබඳව වාර්තා සම්බන්ධව Parramatta ප්‍රදේශයේ පොලිසිය විසිනුයි පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේ.

නිව් සවුත් වේල්ස් පොලිස් ප්‍රකාශයකු පවසා ඇත්තේ එම වාර්තාවලින් පසුව මෙම වසරේ අප්‍රේල් මාසයේදී විමර්ශනය ආරම්භ කරන ලද බවයි.

වාර්තාවලින් පොලිසියට දැනුම් දී ඇත්තේ ඊට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කාන්තාවන් තිදෙනෙකු සිටින බවයි.

වයස අවුරුදු 29ක්, අවුරුදු 21ක්වූ කාන්තාවන් දෙදෙනෙක් එම කාන්තාවන් අතර වනවා.

සැකකරුට මෙම චෝදනා එල්ල වී ඇත්තේ 2023 අප්‍රේල් සහ 2025 අප්‍රේල් අතර කාලය තුළ බව සඳහන්.

පුළුල් පරීක්ෂණවලින් පසුව, නිලධාරීන් බ්‍රහස්පතින්දා (අද ) පෙ.ව. 8:30 ට පමණ North Parramattaහි නිවසක සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

සැකකරු එම ස්ථානයේ සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අනතුරුව සිදු කරන ලද සෝදිසි කිරීමේදී පොලිසිය විසින් ලේඛන සහ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

Shares: