ඊශ්‍රායලයේ අර්කියා ගුවන් සේවය අද (24) සිට කොළඹ සහ ටෙල් අවිව් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.
මෙම ගුවන් ගමන් ප්‍රධාන වශයෙන් ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ගනිමින් සතියකට වරක් ක්‍රියාත්මක වනු ඇති.
අර්කියා ගුවන් සේවයට අයත් IZ 639 දරණ ගුවන් යානය සෑම අඟහරුවාදා දිනකම 18:30ට ටෙල් අවිව් ගුවන් තොටුපළින් පිටත්වී, ඊට පසු දින උදෑසන 06:15ට කොළඹ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතයි.










