විදෙස්

සඳ වටා දින දහයක ගමනකට නාසා ආයතනය සැරසේ

ලබන වසරේ පෙබරවාරි මාසයේ දී සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට අපේක්ෂා කරන බව නාසා ආයතනය පවසනවා.

චන්ද්‍ර ගවේෂණයට වසර 50ක් සැපිරීම නිමිත්තෙන් නාසා ආයතනය මෙලෙස ගගනගාමීන් හතර දෙනෙකු යවා නැවත පරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

මෙය මානව අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් අවස්ථාවක් වනු ඇති බව නාසා ආයතනයේ වැඩබලන නියෝජ්‍ය සහකාර පරිපාලක ලකීෂා හෝකින්ස් සඳහන් කළා.

Shares: