බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමට අද (24) සිට මගීන්ට අවස්ථාව හිමි වනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ තාක්ෂණික මගපෙන්වීම යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසිනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
එය මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
මෙය මුදල් රහිත (cashless) පොදු ප්‍රවාහන පද්ධතියක් කරා යන ප්‍රධාන පියවරක් ලෙස සනිටුහන් වනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අනුව, මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ මාර්ග 20ක් පමණ ආවරණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඊට ප්‍රධාන අන්තර් පළාත් මාර්ග තුනක් ද ඇතුළත්.
මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය අත්විඳින පළමු පිරිස අතරට එක් වන්නේ ගාල්ල, මාතර සහ බදුල්ල දක්වා ධාවනය වන බස් රථවල ගමන් කරන මගීනුයි.
මෙම වැඩසටහන සඳහා ප්‍රමුඛතම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පහක් දැනටමත් සහයෝගය පළ කර තිබෙනවා.
මෙම පියවර තුළින් මගීන්ට ඉතිරි මුදල් ආපසු ලබා දීමේ (retuing balance) ගැටළු ඉවත් වන අතර, බස් රථ හිමියන් සඳහා නිවැරදි ආදායම් වාර්තාකරණයක් (accurate revenue tracking) සහතික කිරීමට හැකිවන බවයි නිලධාරීන් පවසන්නේ.










