උණුසුම් පුවත්

තලාවේ අනතුරින් දිවි අහිමිවූවන් 04 දක්වා ඉහළට

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, තලාව – මොරගොඩ ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රිය අනතුරින් මියගිය සංඛ්‍යාව හතරදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් තලාව සහ අනුරාධපුර රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර මියගිය 04 දෙනාම වෑන් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් වනවා.

අනතුරට පත් ලොරි රථය කුරුණෑගල දෙසට ධාවන වී ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වෑන් රථයේ රියදුරු ඇතුලු 06 දෙනෙකයි ගමන් කර තිබුණේ.

අනතුරින් තුවාල ලැබූවන් තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Shares: