කාළගුණය

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු හෝ ඉතා රලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි. 50 – 55ත් දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශද විටින් විට රළු වන බවයි.

මේ හේතුවෙන් ධීවර හා නාවුක ප්‍රජාවට මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Shares: