සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (26) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
මෙලෙස රු. 3,014,260,000ක මුදලක් ප්‍රතිලාභීන් 602,852ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
ඒ අනුව අදාළ ප්‍රතිලාභින්ට අද දින සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිනුම මඟින් ලබා ගත හැකියි.










