මාවනැල්ල ප්රදේශයේ පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබෙනවා.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසකුයි.
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්රදේශයේ දී මෙම පිරිස මතට අද (29) පෙරවරුවේයි පස් කන්දක් කඩා වැටී තිබුණේ.
ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අතර මේ වන විට ඔවුන් තිදෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වාර්තා වනවා.











